Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තාම යනකොට එහෙන් ඉඳහිට
පන්සලේ බෝ ගහේ එල්ලී
කොඩි දෙකක් අත වනා කීවා
තාම මතකයි කියා හිනැහී...

ඒත් වතුසුදු ගහක් මැලවී
මලක් දිග හැර මිටක හිරවූ
අදත් කීවා නෙලාගෙන යනු!
පුරුද්දට සංසාර මගෙහී..

වැලි තලාවක උනත් ශෝ ගී
තිබිය හැක දහසකුත් ලියැවී
රටාවක ඉඩ නොමැත වියැකී
ඇවිත් අමදිනු! කියයි පැහැදී...

අරලියා ගස පාත් කර හිස
කියන්නේ වරුනේම අත්තක
විසි කරද්දී සිවුර පැත්තක
අල්ල ගත් බව විදා අත් දෙක...

සිවුරු හැරි බව කිසිත් නොකියත්
ඔච්චමට නොබැලුවත් කිසිවෙක්
තාම ඇසි'නැස ගැටෙද්දී මුුත්
අරලියා ගස නුඔයි පොහොසත්..!!

[ඡායාරූපය : Ayesha Lantra]

චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails