Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(මේ කතන්දරය - ‘කතන්දර කීමේ ජාත්‍යන්තර දිනය‘ වෙනුවෙනි... මෙවර 2015 මාර්තු 20 - කතන්දර කිමේ දිනයෙහි තේමාව ‘ප්‍රාර්ථනා‘ ය...)

----

මුහුදත් රේල් පාරත් අතර මැද තිබුණු ලයිට් කණුවක් යටට වෙලා, මං බලං හිටියා පූසෙක් එනකල්....
කඩේක වීදුරු පෙට්ටියකට වෙලා, පාන් බාගයක් බලා හිටියා, මං එන කල්...
ගෙදරට වෙලා පැටියෙක් බලා හිටියා පාන් බාගයක් එන කල්...

----

‘ස රා ස්' කියාගෙන පොලිස් වෑන්නෙකක් එන කොට ම දන්න අඳුණන වැටකේ පඳුරක් මාව හංගගත්තා... නවයයි කාලෙ කෝච්චියත් ගියාට පස්සෙ රේල් පාර ට ගොඩ වෙලා මං ඔහේ ඇවිද්දා... ලයිට් කණු ත් නිදි නැතුව ඇහැරගෙන හිටියා... මුහුද වැල්ලේ වැදි වැදී හෝ හෝ ගෑවා...

‘පාන් බාගයක්... පාන් බාගයක්... පාන් බාගයක්...' කිය කියා පපුව දිගටම ගැහුණා...

පූසෙක් ‘ආවෝ..ආවෝ...ආවෝ' කියල ඈතින් කෑගහන සද්දෙට මගෙ කකුල් නැවතුණා... කලුම කලු කැතම කැත නාකි පූසෙක් වැටකෙයා පඳුරකින් මතු වුණා...

----

අන්තිම ලෑල්ල වහන්ඩ ඔන්න මෙන්න තියෙද්දි මං කඩේ ලඟට ආව‍ා... මුදලාලි ලෑල්ලේ හිස්තැනෙන් පාන්බාගය දික්කලා... අතේ තිබුණ සල්ලිය කඩාගත්තා...

ගෙට අඩිය තියනකොටම බඩගින්දරේ තරහෙන් හිටපු පැටවා පාන් බාගය උදුරල අරන් කාගෙන කාගෙන ගියා...

මං කරාමෙට ගිහින් ලක්ස් ගාල අතුල්ලල නා ගෙන එනකොට පැටවට හොඳටෝම නින්ද ගිහින්...

----

ජේසුට පාන පත්තු කරල නාකි පූසටයි වැටකේ පඳුරටයි කඩේ මුදලාලිටයි සහ දෙයියන්නාන්සෙට ස්තුති කළා...

ඊට පස්සෙ දවසේ පාපොච්චාරණය කෙරුවා...

"..ස්වාමීනි මා පතන්නේ පාන් බාගයක මිල පමණ...
පාන් බේකරියවත් ඒ ඉඩමවත් මුදලාලියාවත් එකම පූසෙක්වත් මට එපා..."


----

පැටවා නිදාගත් පැදුරේ මටත් ඉඩ තිබුණා... මං එතනනින් නිදාගත්තා... ඇස් දෙක තදට පියාගත්තා... පැටවාට තුරුළු වුණා... හීනෙන්ම 'වේස ගඳයි' කියපු පැටවා අනෙක් පැත්ත හැරුණා... ලක්ස් සුවඳ කාමරේ මොකක්දෝ වේස කුයිලක් තිබුණා තමා...

කුරුසය කොයි තරං බර වුණත් මං ඒක දරාගෙන ඉන්නවා...

එකෝමත් එක දවසක ස්වර්ගයේ දොර ඇරෙන බව දන්නවා...

සුරේඛා සමරසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails