Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වන'චරමි මම හරිත ඕ වන තුරුල
ඈතින් ඈතටම ගලන්නී
සිසිව ඕ වැසි වනය

නියම කළ නම් නොකළ උවමනා කීපයක්
වන ගැබග නිශ්චිතව නැත කිසිම කාරියක්
වන දහම එක්වරම වෙනස්වන සොභාවක්
ඉසිඹුලන දිනකි අද නැත ඉතින් ඉක්මනක්

කැළැල් නැති යටි හුළඟ
නිවයි සිත
රූටවයි දා බිදුද
උජ්වලිත දැඩි කයෙන්

ඈත පරුවත ගස් එතෙයි වැල්වල
හැඩ බලා සිත සිතා හිඳිනතර
ඔබ පැමිණ

"නොදන්නා මල් සුවඳ"

වන තරව උගත් මා පටලවයි සිත දසත
මම මගේ මතකයට වැද හැපී අරගලය

වනපසක මල් සුවඳ මේ මේ කියා නියමව
කියත හැකි කොයි ගහේ මොන මලද ඔය සුවඳ
නොදන්නා මල් සුවඳ පැමිණ මා පුබුදු කර
පටලවයි සිත දසත දරුවෙක්ලු මම තවම

පැණි කුරුල්ලා බිඟු සියල්ලා සමනලුන් වෙත
ඇතැයි කියනා සියුම් ඉවකින් ඇදෙයි ඒ මල් වෙතට
හුළඟ ඇවිදින් හක්කලං කර මා අවට හැම දෙයම
හොයන්නේ කොහොම මම නුපුරුදුය ඔබෙ සුවඳ

කුමන හැඩයක කවර පාටක් රුවාගෙන ඔබ ඇත්ද?
කුමන කාලෙක කවර මාසෙක මල්වරව පිපෙන්නෙද?
ගසක නැත්නම් වැලක වේවා...
මං මුළා වැලක හෝ
ගස් කඳන් පිළිලයක
උපන්නෙද කුසුම ඔබ?

හෂාන් බඹරබොටුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails