Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තාරකා කිසි දෙයක් කීවේ නැත
නිහඞව දිලිසුනා පමණි
අනාගතය ගැන කීමට
තාරකාවට වර්තමානයක් තිබුණේ නැත
එය විනාශ වී බොහෝ කල් ගතවී තිබුණ ද
අප දුටුවේ විශ්වය හරහා එන
එහි ආලෝක ධාරව පමණි
ශුන්‍ය වූ ස්කන්ධයක
අතීත පිහිටීම සලකා
අනාගතය ගැන කියන
පේන විශ්වාස කරන
බයින් හැකිලී
ආත්ම ශක්තිය මොට කරගන්නා මිනිසා
මරු සිටින දිශාව දෙස නොබලා
රාහු කාලය නිසා
අත පය බැඳ
හිස් නුබ කුස දෙස බලා සිටියි.

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails