Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රේඩියෝවෙන් ඇහෙයි උඹෙ හඬ පපුව හයියෙන් ගැහෙනවා
පාරවල්වල පිස්සුවෙන් වගේ සේල් කඩවල් පිරෙනවා
ආයෙමත් උඹ ආවේ මොකටද අහන්නත් මට හිතෙනවා
කාරියක් නැහැ වරෙන් කොවුලෝ කියන්නට දේ තියෙනවා......

කපුටු කූඩූවෙ කුළිය නොගෙවා දාපු බිත්තර පුපුරලා
නපුරු දවසක පැටවු දැම්මද කපුටො කොටලා එළවලා
උඹට කිව්වට මමත් කොවුලෝ කුලී ගෙදරක හිරවෙලා
ඉන්නේ සමහර මාසවල්වල ඇන්ටි එනකොට හැංගිලා..

බලෙන් උදුරා අරන් කැනකට පාට කෙරුවම දුම් ගසා
කෙහෙල් ගහ මිය ගියා එතනම පපුව අල්ලන් දුක නිසා
ගෙයින් එළියට බැස්ස හැටියෙම නංගි යන්නට ගිය නිසා
හිතින් දුක් උහුලන්න බැරුවට තාත්තා උනි ඇස් වසා .

කොටුවෙ පමුනුවෙ පාරවල්වල ලාබ රෙදි කඩ බල බලා
මහරගම මම ඇවිත් යනතුරු අක්කා ඉන්නවා මග බලා
කොණ්ඩෙ ගිය ඒ ගිලුන ඇස් දෙක මතක් වෙනකොට ගොලු වෙලා
කොන්ඩ කැවුමක් කන්න ගත්තම උගුර යනවා හිර වෙලා..

එදා අවුරුදු තිබ්බ කාලෙක හොයාගත් ඒ කුමාරී
ඔයා නැග්ගොත් ග්‍රීස් ගහ උඩ උරය දෙමි කිවු කුමාරී
මෙදා ජීවිත කඹේ ඇද ඇද හොයනවා මම කුමාරී
කොහේ හරි දුර ගිහින් නොකියම වෙලා අවුරුදු කුමාරී..

පඩිය බෝනස් ලෝන් දැකලම එන්න කලියෙන් දිය වෙලා
හවස ඩිංගක් දැම්මේ නැත්නම් නින්ද යන් නැහැ බය වෙලා
අම්මා තාමත් දන්නේ නැහැ බන් ඉන්නවා ඇති මග බලා
අනේ ඉගිලිලා ගිහින් කියපන් එනව මං තව පහුවෙලා..

ජනිත් විතාරණගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails