Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මම තොප නොහඳුනමි
මට තොප මතක නැත"

මම තොප අවුළු කෙස් වැටියෙහි
හැඩ පලු ලිහා - බැරි තැන
වූලෙක් පටලවා
පිට මැදට කැන්දමි

"මම තොප නොහඳුනමි
මට තොප මතක නැත"

තොප අතින් රන්පත ගෙන
ඩම් දෙක තුනක් ඇද
ඇඟිලි අතරේ රන්දමි.

‘‘මම තොප නොහඳුනමි
මට තොප මතක නැත‘‘

ළඟ ළඟ නවන අතරේ
වීදුරුව උදුරා
පෙම් සිප් එකක් ඇද
හිනාවක් අරගන්නෙමි.

"මම තොප නොහඳුනමි
මට තොප මතක නැත"

බාච්චු කයිසමද
නිල් චෙක් කමිසයද
අම්පයර් හිස් වැස්මද
චැප්ලින් සපත්තුද
හැඳ පැළඳි තොප
ළඟින් හිඳුවාගෙන
විප්‍රවාසී වීමට
සතියකට දෙකකට පෙර පැවති
දුම්පානෝත්වයක දී
මල් ලොලුන්ගේ දහසක් පන්දමින්
සුවඳවත් වූ ගාලුපාරේ
ත්‍රීවීලයක ඇද්දෙමි.

"මම තොප නොහඳුනමි
මට තොප මතක නැත"

තොප වේදනා ඇස් ඇර
අඩවන් බැල්ම අවුලා
යළි ඇස් පියන්නට පෙර
"තොප මා හඳුනයි
තොපට මා මතකයි" පැවසූ
සිහිනයට යළි කන්දෙමි.

ඉදින් මම...............
සැලුම් වෙවුලුම් කමින් ඉන්නෙමි.

"මම තොප නොහඳුනමි
මට තොප මතක නැත"

2015 මාර්තු 23

*"මම තොප නොහඳුනමි" ජී.බී.සේනානායකයන්ගේ කවියකි.

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails