Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මං අකමැතිම වෙලාව
ලෙඩ්ඩු බලන වෙලාව

අත් වලින් හොදටම බත් කන්න පුළුවං කොට
ඇඟිලි නැමෙන්නෙ නැති වෙලාව
තනියෙන් දොට්ට පිලට යන්න පුළුවං කොට
අතක් අල්ලගන්නම ඕනෙ වෙලාව

කවුරුවත්ම එන්නෙ නෑ කියලා දැනෙන කොට
කවුරු හරිම එයි කියලා හිතෙන වෙලාව
කාටවත්ම අඬගහන්න හේතු නැති කොට
කාට හරිම අඬගහන්න හිතෙන වෙලාව

ඇස් දෙක නිදියන්නම ඉල්ලන කොට
නින්ද නොයනම වෙලාව
මහා සෙනඟක් මැද ඉන්න කොට
තනියෙන් වගේ දැනෙන වෙලාව

මං අකමැතිම වෙලාව
ලෙඩ්ඩු බලන වෙලාව

[සිතුවම : Douglas Manry]

හෂාන් අබේගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails