Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘මහා සිනමාව වෙත පියනඟමු’ තේමාවෙන් යුක්තව, නූතන ලෝක සිනමාව පිළිබඳ රසික-සෘහද- විද්වත් සිනමා සම්භාෂණය 2015 මැයි මස 09 වැනිදා, සෙනසුරාදා දින පස්වරු 4.30 ට ජාතික චිත‍්‍රපට සංස්ථා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

එදින උදෑසන 9Orson Welles විසින් අධක්‍ෂණය කරන ලද Citizen Kane චිත‍්‍රපටය සහ පස්වරු 1.00 ට Federico Fellini විසින් අධක්‍ෂණය කරන ලද (8 and Half) චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

හිනිදුම සුනිල් සෙනෙවි ගේ ‘මහා සිනමාව කියවීම’ නමැති වියමන ද මූලික කොට ගෙන පස්වරු 4.30ට පැවැත්වෙන සිනමා සම්භාෂණය උදෙසා,

එම්.ඞී. මහින්දපාල
සුනිල් මිහිඳුකුල
ප‍්‍රියන්ත ජයරත්න
විදර්ශන කන්නන්ගර
ප‍්‍රියන්ත කොඩිප්පිලි
අතුල සමරකෝන්
ප්‍රියන්ත ෆොන්සේකා

මූලික අදහස් ඉදිරිපත් කිරීමට නියමිත අතර කතිකා සභාව මෙහෙය වන්නේ ප‍්‍රභාත් හේමන්ත විසිනි.

‘සිනමා මධු ලෝලය’ - 3 පියවර වන මෙම සිනමා මධු සැඳෑවට සහභාගී වන ලෙස ලාංකේය සිනමා ලෝලී පොදු ජනතාවට මෙම අවස්ථාව සංවිධානය කරන ‘රස’ ව්‍යාපාරය සහ ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ (CCL කණ්ඩායම) ආරාධනා කර සිටී.

විමසීම් : 0712667592 / 0715971183



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails