Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාපෙන් දනා මුදවනු පිණිස එකහැර
කෝපෙන් බරිත දහසක් නුවන් මඟහැර
දෑහින් කඳුළු නොදකින වියරු මෙනුවර
ජේසුන් දුටිමි ෆ්ලින්ඩර්ස් වීදියේ කෙළවර

මැක්ඩොනලය ඉදිරියේ කුණු බක්කි අදිමින
දැක්කාද අසරණ සුද්දා නිතර මුමුණන
සක්කරයවත් නොතකන නුවරක තනිවුණ
මක්කා කරන්නද ජේසුන් අසරණ

සැලෙන ලෙලෙන නියොන් පුවරුවෙන් සරසනා
බමන දනන් සළෙල ඇස්වලින් කැඳවනා
කාසියට දෙකට මුලු ජීවිතය විකුණනා
මේරි මග්දලාද සිටියාය "එක්ස්" පොළක තනිවෙලා

කෑලි කැපියැකි මීදුමේ සීතලේ වෙලෙමින
දූලි බිම දුම්රිය පොලේ නිදනා අසරණුන් අතරින
සීරුවෙන් පියමැන පැමිණ ඉඩ ඇති තැනක නැවතුන
ජේසුනී පාපය නොවේ අසාධාරණයයි රජයන

පින්වන්ත නගරයේ පින්වතුන් නොදකින
පිනට කෑම බෙදනා දන්සලේ තෙරපෙන
දනට එක්ව එක මේසයේ වළඳන
කුමට ජේසුන් පින්බර නොදුටු දෙනයන

ජගත් ඡේ එදිරිසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails