Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගිය වසරේ අවසාන සති කිහිපය තුළ දී, අන්තර්කාලීන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග‍්‍රීෆ් මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව වැඩි දෙනෙක් දන්නේ නැත. නමුත් ඔහු කවුරුන් ද යන්න ගැනත් , එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඔහුගේ ගණුදෙනුව කවරාකාරයෙන් සිදුවන්නේ ද යන්න ගැනත්, ශ‍්‍රී ලංකාව පිළිබඳ ඔහු විසින් දී තිබෙන ප‍්‍රතිචාර ගැනත් ශ‍්‍රී ලාංකිකයින් දැනගත යුතු ම යි. මක්නිසාද යත්, එය ඒ තරමට ම වැදගත් සාධනීය විවේචනයක් වන බැවිනි.

ඩි. ග‍්‍රිෆ් මහතා හැදී වැඩුනේ ශ‍්‍රී ලංකාව මෙන්ම ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරක් වූ කොලොම්බියාවේය. සමහර ගණනය කිරීම් වලට අනුව එරට යුද්ධය නිසා වසර 55 ක් තුළ මිනිසුන් දෙලක්ෂ විසි පන්දහසක් (2 25 000) මිය ගොස් ඇති අතර අභ්‍යන්තර අවතැන් වූවන් වැඩිම රටවල් අතර ලෝකයේ දෙවැනි ස්ථානයට පත් ව සිටින්නේ ද කොළොම්බියාව ය.

පැබ්ලෝ ඩි ග‍්‍රිෆ් මහතා හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මහතා ද උසස් අධ්‍යාපනය ලැබූ යේල් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් විද්‍යාර්ථියෙකු වන අතර උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව එක්සත් ජනපදයේ ඉහළම විශ්ව විද්‍යාල තුනෙන් එකක් වන ප‍්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයා බවට පත් විය.

කෙසේ වෙතත් ග‍්‍රිෆ් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්කාලීන යුක්තිය පිළිබඳ විශේෂ වාර්තාකරු ලෙස පසුගිය නොවැම්බරයේ දී කුප‍්‍රකට ග්වන්තනමෝ සිදුවීම් සම්බන්ධයෙන්, විශේෂයෙන් ම වින්දිතයින් සම්බන්ධයෙනුත්, සී අයි ඒ හිංසන සම්බන්ධයෙනුත් එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමාගෙන් විමසනු ලැබීය.

එමෙන් ම ඔහු එහි දී එක්සත් ජනපදය අන්‍යන් වෙන ඉදිරිපත් කරනු ලබන මානව හිමිකම් ප‍්‍රමිතීන් තමනුත් ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු එවැනි ප‍්‍රකාශයක් කරන විට එහි බලපෑම අතිශයින් ම ප‍්‍රබල ය.

එම නිසා විදෙස් කුමන්ත‍්‍රණ ගැන නන් දොඩවන, මානව හිමිකම් බටහිර කුමන්ත‍්‍රණ ලෙස සලකන, මානව හිමිකම් ක‍්‍රියාකාරීන් යනු ජාත්‍යන්තර දේශපාලන ක‍්‍රීඩාවේ පඹයන් ලෙස සලකන ශ‍්‍රී ලාංකීය දේශපාලන න්‍යායාචාරීන්ට පැබ්ලෝ ඩි ග‍්‍රිෆ් සම්බන්ධයෙන් එවැනි විවේචනයක් කරන්නට ද නොහැකි ය.

කෙසේ වෙතත් ඔහු පසුගියදා ශ‍්‍රී ලංකා සංචාරයේ අද්දැකීම් ඇසුරින් ද ශ‍්‍රී ලංකාවේ සංහිදියා ක‍්‍රියාදාමයන් පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව ඉස්මතු කර ඇති අතර සාමය හා සංහිදියාව ඇති කිරීම ඉරිදා දිනක බුෙෆ් එකකින් ආහාර බෙදා ගැනීම හා සමාන සරල ක‍්‍රියාවක් නොවන බවත් පියවර වශයෙන් දිගුකාලීන කැපවීමක් සහිතව කළ යුතු කටයුත්තක් බවත් පෙන්වා දී ඇත. ඔහු වඩාත් වැදගත් ලෙස ඉස්මතු කර පෙන්වන්නේ "මිලිටරි ජයග‍්‍රහණ පසෙක ලා ජනතාවට සංහිදියාවෙන් ජීවත් විය හැකි තත්වයක් සාධනය කළ
යුතු බව"
ය. අන්තර්කාලීන යුක්තිය ඉටු කිරීමේ මාවතක් හැටියට සිදු වී තිබෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සිදු කළ යුතු බව ය.

ග‍්‍රිෆ් මහතාට ඉතිහාසය පිළිබඳ හැඟීමක් ඇත. ඔහු ශ‍්‍රී ලංකාව රටක් ලෙස දිනාගෙන තිබුණු ජාත්‍යන්තර කීර්තිනාමය සිහිපත් කරමින් අප රට එම කීර්තිය වර්තමානය තුළ ද අත් පත් කරගත යුතු බව පෙන්වා දෙයි.

යහපාලන නැමියාවක් තිබෙන එය වත්මන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයින්, විටින් විට ප‍්‍රතිපත්ති වෙනස් කරමින් අදූරදර්ශී වැඩ පිළිවෙල කඩින් කඩ ක‍්‍රියාත්මක කිරීමට යාම විවේචනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොමිසමක කාර්යයක් වේවා මැතිවරණ ප‍්‍රතිසංස්කරණයක් වේවා රාජ්‍ය ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී එය නිසි මඟ පෙන්වීම් මත නිසි ව්‍යුහාත්මක ගොඩනැංවීම් මත දූරදර්ශී ආකාරයෙන් කල් යල් බලා ඉටු විය යුතු බව ය. ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය එවැනි දියුණු තත්වයකට පරිවර්තනය වීමට පසුබට වන බව ඔහුගේ අදහසයි.

ග‍්‍රීෆ් මහතා පවසන්නේ අන්තර්කාලීන යුක්තිය පිළිබඳව වැදගත් ප‍්‍රවේශ 4ක් වන සත්‍ය සෙවීම, වින්දිතයන් සඳහා යුක්තිය ඉටු කිරීම, වන්දි ලබාදීම හා ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව, ජනතාවගේ සහභාගිත්වය ලබා ගැනීමෙහි ලා උනන්දු විය යුතු බව යි.

එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලබන අන්තර්කාලීන යුක්ති ක‍්‍රියාවලියේ ප‍්‍රතිපත්ති සහ යාන්ත‍්‍රණය කුමක් වුවත් එය පදනම් විය යුත්තේ හුදෙක් කාලෙන් කාලට වෙනස් වන ආණ්ඩු ප‍්‍රතිපත්තිය මත නොව, මානව හිමිකම් රැකීම මත පදනම් වූ රාජ්‍ය ප‍්‍රතිපත්ති මත බව ය.

එකී ප‍්‍රතිපත්තිය සකස්වීම දේශපාලකයින්ගේ නිලධාරීන්ගේ මෙන් ම ජනතාවගේ ද අභිමතය මත විය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ රටක් හැටියට ශ‍්‍රී ලංකාව සංහිඳියාව සඳහා මෙකී ප‍්‍රතිමානයන්ගෙන් තොරව ජාතික සැලැස්ම වැනි තාවකාලික අදූරදර්ශී වැඩ පිළිවෙල හරහා ජාත්‍යන්තරය මුලා කරමින් සිටින බවත්, එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපයට හානිකර වන බවත් ය.

කෙසේ වෙතත් ග‍්‍රීෆ් මහතාගේ විමතිය පළ වන්නේ ඉතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සාක්ෂරතාවයෙන් ඉහළ ජනතාවක් සිටින ශ‍්‍රී ලංකාව මානව හිමිකම් සහ යුක්තිය පිළිබඳ විරුද්ධාභාසය වෙත ගමන් කරන්නේ කෙසේද යන්න ගැනයි. එමෙන් ම රාජ්‍යයේ ස්වභාවය රුධිර ගලනයක් ලෙස පිළිගන්නේ කෙසේ ද යන්න ගැන යි. ඔහු පවසන්නේ ගැටුම් නිරාකරණය කරගනිමින් ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැංවීම කෙරෙහි ශ‍්‍රී ලංකාව රාජ්‍ය ප‍්‍රතිපත්ති සකස්කල යුතු බව යි.

ඩිලන් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails