Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අවුල් වෙන හැටි කෙහෙ රැළි
බලන් ඉන්නට ආසයි
ඇඟිලි තුඩඟින් අල්ලා
සවන් තුඩගෙහි එල්ලා
කීකරු කරන්නට
වෑයම් කරනකොට
සුළඟට හෙමින් කොඳුරා
යලි හමන්නැයි කියනෙමි.

මට මේ තරම් අවනත
පෙම්වතියකුදු නැත
අතීතේ කවි කළතා
මොන තරම් හෙව්වද....

ගල් පරේ මා තනිකර
ඔබ පනියි වැල්ලට
හැරී විමසයි මා රුව
"මේ ගල්පරය හැර
වෙනත් ගල්පර නැතුවද?"

කෙහෙ රැල් අවුල් කරගෙන
මූණත් ඇඹුල් කරගෙන
කේන්තිය නම් මඳහස
මවා ගන්නට තටමන
සුළඟට ඇරුණු නෙත් ඇති
එයටම ඇළුණු සිත් ඇති
ඔබ වුණත් දැන් හරියට
කැමතියි නේද සුළඟට.

දඟකාරකම් උතුරන
මේ සොඳුරු සුළඟට
සිතිජ රේඛාවද
තරග නඟමින් ඉපිලෙයි
තරග නඟනා දිය රළ
රේඛාවක්ව නවතියි.

හැකිද ඔය අත දෙන්නට
ඇද ගන්න මා වැල්ලට.

යන්න යමු අපි ඈතට
දෑස ළංවෙන ඈතක
ඈත ළංවෙන දෑසට
අවනත වෙන්න හිත හිත
හිත හදා ගන්නට බලන
අවිනීත හිතකට
සුළඟ විතරද අවනත?

දෑස දිදුළන දෙය
ඈත නැති බව දැනුනම
හිස අවුල් කර ගන්නට
යළි හැරී එමු මෙතැනට
වැලි කැටයක්ව පෙනෙනා
මේ ගල් පරය අසලට.

මොහොතක් දෙන්න මට
කියා එනකල් සුළඟට
හුස්මක් කටක් අරගෙන
අලුතින් හමන්නට.

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails