Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වීදියක, අවන්හල් මේසයක
බීර වීදුරු පිරුණු හීනයක
'කවිකම'ද ඇතැම් විට පර්යාය පදයක් ය
නරුමයෙකු අත රැඳුණු 'අවියකට'...

උඩින් අඩි තිය තියා
නරුම ගමනින් ඇවිද
කාණුපල්ලක පවා
'කවි නිමිති' ඉවකරන;
මඩෙන් එපිටහ තැනෙක
පණ ගැහෙන කවි සිරුරු ගොඩ ගසන;
උපන්තේකට නො විඳි
දුක්ඛ සංසාරයක
වේදනා කප්පරක් ගැන ලියන;
බීර විතකින් යළිදු
උගුර - තොළකට තෙමා නිදි වදින
මිනිසුන්ද - ගැහැණුන්ද
මුළුමහත් ලෝකය ද
කවිය උදෙසා තැනුණු බව සිතන;
වචන වධ කඳවුරක
ගෑස් කාමරවලට
පණපිටින් එකී ජීවිත ඔබන...

උපමා ද, රූපක ද
අලංකාරද ගසා
හුස්ම හිිරකර මැරූ
නිහඬ කවි මළසිරුරු
එකින් එක, පොත් ලෙසින් මිටි බඳින;
වහා ඇවිලෙනු පිණිස
මහා බර නම් යොදා ගිණි තියන...

සම්මාන බහුමාන
විචාරක පැසසුම් ද
මැරූ කවි සිරුරු වෙනුවෙන් ලබන,
කවියෙකුට ඇතැම් විට
නරුමයෙක් වනු හැකිය;
හදවතේ ගැඹුරකට ඇණ ගසන
කැඩපතක් දුටු මතින් ගිණි බිඳින...
------------------------
කවිකමය කියන්නේ පර්යාය පදයක් ය
දෙපාරට මැරිය හැකි අවියකට

සෞම්‍ය සඳරුවන් ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails