Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දිගන්තය අතැ’ර දා වසන්තය
පැටලිලා දුටු හීන නිලන්තය
ඉගිලිලා දුර ගිහින් අතීතය
ග‍්‍රීෂ්මය අළුකලා වසන්තය

පිපුනාට සිනා පිරි ඇරඹුම
යන ගමනෙ රළු බොරලූු ඇනුනම
අමනාප ඔය වුවන දුටුවම
නෙත කඳුළු ඉනුවෙ මට නොදැනිම

උදා සළු රිවි කිරණ එලූුවට
දවාලක ගිනි දවයි සළු පට
නිශා කල සිතිජයට එබුනට
එකම හිරු අපේ දුක සතුටට

නුඹ නිසා දුටු හීන බෝමයි
පියෙවි ලොව දසුන් අඩමානයි
කදෝපැණි රිවි දුටුව සේමයි
තේරුනේ දෙනෙත් ඇරුනාමයි

ඇල් පවන මුව සිපින වටාපත
විඩාබරිතව පසෙක වැටී ඇත
වල දමා උපන් ගෙයි සෙනේ සිත
මගෙ නමට ඔබෙ ගිණුම වසා ඇත..

සිතුවම : Jeffrey Hull

ජයන්ත නිමල්සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails