Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අවසාන පිය ගැටය මත හිඳ
මම තාම මග බලමි කෝ නුඹ
නොබලාම මේ ඉසවු මග හැර
නුඹ කෝම ගියෙද සිඳ මුතුහර

ක්ෂිතිජ ඉම දැල්වුණ
තරු පහන් මුවා කරමින
නැගෙත උස් කලු කඩ තිර
සොයමි නුඹෙ තරු දෑස දස අත

තැනි මත අතුල සිතුවිලි
ගිනි වැද වුවද දුහුවිලි
තනි එක බිජුවටක මැසිවිලි
නසයි නිහඬතාවේ රුදුරු ගෙරවිලි

උත්තම පූජාවක නොනිමි අවසන
දුම් රැළි නගයි තවමත් පහන් තිර පෙළ
ඇසි පිය සළන එකමෙක නිමේෂෙක නුඹ
පෙනී නොපෙනී යන අරුමය කිම

අනන්තය බෝ දුරය නොම පෙනී
වසන්තය රුදුරු සිහිනයකැයි නොම දැනී
සරන්නට නොහැකි අත් තටු ඇත සිඳී
බලන් ඉමි තවම සිහිනයෙන් නොම මිදී

ජගත් ඡේ එදිරිසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails