Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

Boondi Online - Find me on Bloggers.com

..... ආ පසුව

කොයි සිට එයි ද
කොතනට යයි දැයි
නොදැන
කිසිවකු කෙරෙන්
මග සලකුනු කිසි නොලැබ
දොර හ~ දෙවයි
මහ රෑ
බල මැන යතුරු සිදුරින්
සෙලූ ගන අඳුර පමනයි
ඇයි ද ඔය බිය, ඔය පුදුමය
නොනැසී බිෙඳන අතීතය
වැලඳ දිනෙන් දින
දුරට යන අනාගතය
බලා ඔබ දෙස
කරයි සරදම්

ඔබ කෙරෙහි අනුකම්පාවක්
නැති
අහිංසක බව
පිටත මහ කලූ වැස්සයි
වැස්සයි, මොර සූරන වැස්සයි
අසරන ඔබ ඊට බිය ද
ජීවිතයෙහි රහස සොයා
දැවෙන විදුලියෙන්
ඔබ මුහුන එලිවෙයි.

ගුගුරන හෙන හඩින්
සියලග හිරි ගන්වා පන දෙවයි.
මගිය
පිපාසය දියුනු තියුනු වී
මොර සූරන වැස්සයි
දිලි දිලි
නිවෙන රන් තරු
සිදුරු කර උඩ නගින
කාලයේ හිම කැටියෙන්
වැසුන
මිනිස් දිවි කඳු කොතේ
පාගිලි තුඩින් නැග සිට
ඔබට අන්න හ~ ගසයි එන්න එන්න
පින්වත
ඔබ්ඛෙහි අඳුරු ගුහාවයි
ඉදිරි පස ඇති දොරක් නම් නැති
මහ මායාවට නොවෙන්න ගොදුරක්
දාමෝක්ලීසයන්ගේ
නොපෙනෙයි ද අසිපත
ඔබ්ඛෙහි මරු කතර සුද පමනි
බිඳකුදු දියර නැත
පිපාසය මහ වැස්ස මිරිගුව
පාරාදීසයේ සැම සැප ම
වේ මා පා ලග
මගිය එන්න

දොර හ~ දෙවයි
මහ රෑ

මගිය
ඇයි නිසල බව
මහ අතීතය හිම ගල් වී
ඉතිහාසයෙ බැමි ලිහි ලිහී
ඔබ වෙල වෙලා බඳී
වලගය කටින් ඩැහැගත්
කාලයේ නාගයා
ඔබ වටා දරන වැල ලා
පුරූරවසුන් පසුපස දිව විඩාපත්
උරුවිසිය
ඇය සිසිල සිරුර වලඳනට වෑයම
රති නිරුවතින්
ඇලී ඔබ ඇලයේ
ඉදිරි පස ආදම් වැටුන වල
ගැහැනීයමී
ගනZඳුර දෑතින් දමන්න දෙපසට
අඳුරු ගුහාවෙ එලිය උදාවෙ
යට ගිය දා වෙන විට එන දා
ගනZඳුර පමනයි
ගනZඳුර වේ ඔබගේ ආලෝකේ
පිටත මහ කළු වැස්සයි
පිපාසය, මහවැස්ස, මිරිඟ=ව

සිරි ගුනසිංහ 1949

මෙ සිංහල සාහිත්‍ය වංශ කතාවෙ ප්‍රථම නිසඳැසයි.

එය පළ වූයේ 1949 ලංකා විශ්ව විද්‍යාලයේ සිංහල සමිතිය විසින් මුද්‍රණය කළ අරුණ සගරාවෙහිය. ඉන් පසු මෙම කවිය 1956 සිරි ගුනසිංහ පළ කළ මස් ලේ නැති ඇට කාව්‍ය සංග්‍රහයේ පළ විය. මස් ලේ නැති ඇට එලි දැක්වීමත් සමග ඇති වූ ප්‍රබල විචාර ප්‍රචාරයන් කලබැගෑනි හේතුවෙන් සිරි ගුනසිංහයන් සම්ප්‍රදාය නිර්දය ලෙස හානි කරන්නේ ය යන මතයෙන් සාහිත්‍ය සමාජය කැළඹී ඇත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස සිය නිර්මාණ පැරණි ඡන්දස් ශාස්ත්‍ර අනුව නිර්මිත සාම්ප්‍රදායික කාව්‍ය හෝ නොවන හෙයින් ඒ නිසඳැස ලෙස හඳුනා ගන්නා ලදී.

එය එසේ සිදු වුව ද 1956ට පෙර නිසඳැස් ආකෘතිය යැයි අද අප හඳුනා ගන්නා ස්වරූපයේ රචනා කීප වරක්ම එලි දැක ඇත.

1946 දී ජී බී සේනානායකයන් විසින් ලියා පළ කළ පලිගැනීම නම් වු කෙටි කතා සංග්‍රහයේ එන රචනා කීපයක් ගද්‍යත් නොවන පද්‍යත් නොවන අතරමැදි ආකෘතියක් ගත් රචනා ස්වරූපයකි. ඒවා නිසි ලෙස විචාර අවධානයට පත් නොවූයෙන් එකලම ජී බී විසින් ඒවා නිසඳැස් ලෙස හඳුනා නොගත් හෙයින් ද එවා සුදුසු පරිදි ස්ථානගත වීම අතිශය ප්‍රමාද වී ඇත.

එමෙන්ම 1952 දී මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් පරිවර්තනය කරන ලද තෙරී ගී ද නිසදැස් ආරට ලියැවුණු නමුදු නිසි විචාර අවධානයකට පත් නොවූයෙන්, 1954 ජී බී සේනානායකයන් පරිවර්තනය කල රුබයියාට් නිසඳැස් මෙන්ම යට ගොස් මස් ලේ නැති ඇට අනුගත මග ආශ්‍රිතව නිසි ලෙස හඳුනා ගන්නේ අතිශය ප්‍රමාද වීය.
මස් ලේ නැති ඇට සිරි ගුනසිංහයන් නූතන නිසඳැස් ප්‍රවනතාවයේ මූලාරම්භකයා බවට පත් කරන ලද්දේ නිසි විචාරක අවධානයෙන් ගිලිහී ගිය ඉන් පෙර සිදු වූ නිර්මාණයන් විශද නොකළ විචාරකයන් හේතුවෙනි. නිසි විචාරයක් නැති සාහිත්‍ය සමාජය අනාගතයට වගකිව යුතු වන්නේය.

දෙවියන් මැරීම

බුද්ධිය මිත්‍රයෙකැයි, සිතු මම
දිනක් මග රැක සිට
මගේ දෙවියන්
මරා හෙලීමි,
දැවැන්තයකු වන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටි පසින් එනු
මට ඇසෙයි.

එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැඟී සිටිය යුතු ය.

යළිත් දෙවියන් සොයා ගිය මට
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
මඟ අසල,
නුග ගස යට තිබී සම්බ විය
ස්වාමීනි, යළිත් නැඟී සිට
මා හා පෙර මෙන්
එනු මැනවයි මම කීමි
උන්වහන්සේ නැඟී නොසිටින්නේ
බුද්ධිය
තම දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි

එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
ඔහු මා අතහැර නොයයි.

ජී බී සේනානායක
පලිගැනීම පද්‍ය සංග්‍රහයෙන් 1946

1954 ජී බී සේනානායකයන් පරිවර්තනය කල රුබයියාට් මඩවල එස් රත්නායකයන් විසින් ද සිංහලට පරිවර්තනය කර ඇත.

ඉන් රුබයියාට් ලකුණ සිංහල සාහිත්‍ය නිසඳැස් ඉතිහාසයෙන් වෙන් නොවන්නේ නවතම හැඩරුවකින් යලි ලිවීමක් දෙසැම්බර් කාලකන්නියා සමග මගේ රුබයියාට් ලෙස ජනක මහඛෙල්ලන විසින් ප්‍රතිනිර්මිත කාව්‍ය සංග්‍රහය හේතුවෙනි. ඒ 2005 දීය.

පිබිදියා....ව්æ

අරුනෝදය
අහස් බඳුනට ගලක් ගහල
රැය දිදුල තරුමල්
බිම හෙලල

පෙරදිග දඩයක්කරු
රජ මැදුරේ මුදුන් කොත
ආලෝක මද්දට
අල්ලගෙන

හිමිදිරියෙන්
සිහිනෙන් මෙන්
හීන් සරින්
අවන්හලෙන්
මට ඇසුනා

—නැගිටින්æ නැගිටින්æ
මගේ පෙම්බරෝ
පුරවන්æ සෝමයæ පුරවන්æ
මෙ දිවි සිඳිලා යන්නට මත්තෙන්
ඇවිදින්æ ඇවිදින්æ˜

කුකුලෝ හඩලන ජාමේ
අවන්හලේ දොර පල්ලේ
ඉඳ කෑ මොර දුන්නා නුවනැත්තෝ
—ටික කලයි මෙ දිවි
ගියොත් යලි නොඑන්නෙන්
දොර හරින් යයි කියාලා˜

ඒ ජනකගේ මගේ රුබයියාට් කාව්‍ය සංග්‍රහයේ ආරම්භක පැදි කීපයක උපුටනයකි. මෙලෙස රුබයියාට් 2005 දී නැවත ලියවෙද්දී ජනක පශ්චාත් නූතන කවියෙකු ලෙස හඳුන්වා දෙන්නේ ප්‍රවීන විචාරක සමන් වික්‍රමආරච්චි ය. සමන් වික්‍රමආරච්චි විචාර කලාවෙ සම්ප්‍රදාය බිඳිමින් සිය අවධානය පශ්චාත් නූතනවාදී කඳවුර වෙත යොමු කල නීතිඥයෙකි.
වර්තමාන සාහිත්‍ය ක්ෂේත්‍රයේ විචාරකයන් අතර දීප්ති කුමාර ගුණරත්න, එරික් ඉලයප්පාරච්චි, කේ්.කේ්. සමන් කුමාර, සමන් වික්‍රමාරච්චි,සේපාල් අමරසිංහ යන අයවලුන් මෙම සාහිත්‍යයේ නව ප්‍රවේශයේ පුරෝගාමීන් ලෙස පෙන්වා දිය හැකිය. මහැදුරු සුචරිත ගම්ලත් මාක්ස්වාදී විචාර මූල ධර්ම මත සිය සාහිත්‍ය කටයුතුවල යෙදෙන්නකු ලෙස ප්‍රකටය.

දැන් දැන් සාහිත්‍ය නිර්මාණ විචාරය ද වෙනත් අනෙක් නොයෙක් දේ මෙන්ම සංකර සාටෝප සිය හිතවතුන් සනසාලන ඇන්දවිල්ලක් බවට පත් වී ඇති වග සියල්ලෝ දනිති. පරාක්‍රම කොඩිතුවක්කු කලකට පෙර සිනමා විචාරයක් ලියා ලක්බිම පුවත් පතේ පළ කර ගත්තේය. ඒ රන්ජන් රාමනායකගේ වන් ෂොට් සිනමා පටය ගැනය. පරාක්‍රම එහි කිව්වේ එය හුදෙක් ලිංගික තේමා රැගත් සම්මාන ඉලක්ක කර ගත් සම්භාවනීය යැයි කියා ගන්නා පොදු ජන මානසික මානයන්ගෙන් දුරස් වූ නිර්මාණයන්ට වඩා සිය දහස් ගුණයකින් වටිනා බවය.

අනෙක් මිනිසුන් කට කහනවට කීවෙ පරාක්‍රම සෝමා එදිරිසිංහගෙන් සල්ලි අර ගත් බවය.

සත්‍ය කුමක් වුවත් මෙ සියල්ල මැද සියළු නිර්මාණකරුවෝ අතර මං වී ඇත්තෝය.

සමකාලීන කවීන් සුන්දරතර කාව්‍ය භාෂාවක් සොයමින් කාව්‍ය මාර්ගයෙන් ඉවතට ඇදෙද්දී යථෝක්ත සාවද්‍යතාව හෙළිකොට එය බුද්ධි විෂයික කලාවක් බව පෙන්වා දුන්නේ සිරි ගුනසිංහ යැයි කිව යුතුය.

ආචාර්ය උදය මල්ලවාරච්චි - රතු කැකුළ - සිරි ගුනසිංහ පෙරවදනින් උපුටනය

අදට එපමණකි. නැවත පායා එනතුරු සමුගනිමි.

අම්බිලි මාමා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails
lankeeya sithuwili
සිංහල බ්ලොග් කියවනය