Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

Boondi Online - Find me on Bloggers.com

හමුවීමක්.........


ස්ථානය :- කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති බස් නැවතුම


චරිත :- A මිනිසා - සරත් කොතලාවල

B මිනිසා - ධර්මප්රිය ඩයස්


( A බස් නැවතුම්පළේ වාඩිවී සිටියි. ඇඳුම් තරමක් දුර්වර්ණවී ඇත. ඈතින් පැමිණෙයි. ඔහුගේ හිසේ වෙළුමක් යොදා ඇත. ඩෙනිමක් සහ ටී ෂර්ට් එකක් හැඳ සිටියි.උරහිසේ ගමන් මල්ලක් වෙයි. පැමිණ A වාඩිවී සිටින ආසනයට යාබද ආසනයේ වාඩිවෙයි)


A- වෙලාව කීයද?

B - අ.. හයාමාරයි.

A - රෑත් වෙන්න ආව නේ.

B - හ්ම්ම්... කොහාට යන්ඩද?

A - හරි හමන් දිහාවක් නෑ....

B - ඒ කියන්නේ අරමුණු ලස්.....

A - ඔව් කතාවෙත් වැරැද්දක් නෑ...

B - සහෝදරයා මොනාද කරන්නේ..රස්සාවක්..බිස්නස් එකක්...

A - රස්සාවක්..නේද? අද උදේ වෙනකම් රස්සවක් තිබ්බා..

B - හිහ්.. කියන්නේ රස්සාවෙන් දොට්ට දැම්මා...

A - නෑ. මම කැමැත්තෙන්ම අයින් උනා...

B - හ්ම්ම්.. පුදුමයිි. හැමෝම බලන්නේ මේ කාලේ රස්සාව බේර ගන්න..

මොකද්ද කලේ?

A - මම සුපවයිසර් කෙනෙක්...බිල්ඩින් සයිට් එකක...

අද උදේ එකපාරටම හිතුනා රස්සාවෙන් අයින් වෙන්න.. ඉතින් අයින් උනා..

B - ඉතින් මොකක්ද ඊළඟ ප්ලෑන් එක?

A - ප්ලෑන් නැහැ. පුලූවන්තරම් කල් ප්ලෑන් නැතිව ඉන්නවා. දන්නවද? එතකොට හරි නිදහසක් තියෙනවා ඔලූවට...

B - සහෝදරයා.. වැඩිකල් ඔහොම ඉන්න බැහැ. ඉන්න දෙන්නේ නැහැ. ආයෙත් ක්රියාත්මක වෙන්න වෙයි. ඇයි? මේ එන්ජින් එකට (අතින් තම ශරීරය දක්වයි) කෑම ඕනේ. ඇඳුම් ඕනේ. හෙවනක් ඕනේ. තව තව දේවල් ඔනේ. දෙන්න වෙනවා. අපිට ඕනේ නැහැ. ඒත් මෙයාට ඕනේ.. හිහ්

A - ඔව්. ඒකත් එහෙම තමයි.

මට එකපාරටම හිතුනා රස්සාවෙන් අයින්වෙලා රස්තියාදු ගහන්න. මොකද මම කවදාවත් රස්තියාදු ගහලා නැහැ. හැබැයි වෙලා තියෙනවා. ඒත් මගේ ඔනෑකමකට නෙමෙයි

මේ ඒක නෙමෙයි. ඔහේ මොකද කරන්නේ...

B - මම.... මම ඉගෙන ගන්නවා. ඉන්ජිනියරින් ෆැකල්ටියේ ..

A - . හරි. එහෙනම් ඔහේගේ අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ. ඕනෙ කරන සේ්රමදේවල් ලැඛෙයි.

B - ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. අපිටත් පොඩි අවිනිශ්චිත බවක් තියෙනවා.

කොහේ හරි මොකක හරි අවුලක් වෙලා තියෙනවා වගේ දැනෙනවා නිතරම.

A - හ්ම්ම්ම්. ඔය ඔලූව.. ඔලූව තුවාල වුනේ කොහොමද?

B - ඒක වුනේ බෝඩිමේදි.

A - කොහොමද ?

B - නෑ. ඕන්නැති කතාවක් කිව්වා.

A - මොකද්ද?

B - පත්තරේ තිබ්බා ඇටෑක් එකකින් මැරිච්ච කොටියෙක් ගේ පොටෝ එකක් දාලා. මම කිව්වා පව් බං කියලා.

A - ඉතින්?

B - ඉතින් මම කියලා තියෙන්නෙ වැරදි කතාවක්. ඒක දිග්ගැස්සුනා. අන්තිමට එකෙක් මාව තල්ලූ කලා. ඔලූව වැදුනා යකඩෙක. ඉතින් පැලූනා. පස්සේ ඌම ඇවිත් බේත් දැම්මා.හිහ්...

A - මාරයි..

B - අහනවකෝ. (විශේෂ උනන්දුවකින්) මේ දවස්වල බෝඩිමේ මාර සීන් හරිද? ඔන්න එකෙක් කොළඹ එක්සිබිෂන් එකකින් බුදු පිළිමයක් උස්සලා.ඒක මාර ලස්සනයි. දැන් අනිත් උන් ඒකට බනිනවා අම්බානට. පව් මචන්.

A - ඉතින් ඇත්තනේ.. ඒක හොරකමක් නේ. අනික බුදු පිළිමයක්...

B - ඉතින් අහනවකෝ.... දැන් ඒකා පිළිමෙට


(මහා හඬින් වාහනයක් තිරිංග තද කරනු ඇසේ. දෙදෙනාම පැත්ත බලති )


B - ඔන්න ඔය සද්දෙට මම හරිම බයයි.

A - මමනම් බය ඔය සද්දෙට නෙමෙයි. ඕකට පස්සේ ඇහෙන සද්දෙට. මාව කීරි ගැස්සෙනවා.

B - මම මොකද්ද කිය කිය හිටියේ.. ඔව්. පිළිමෙට උදේ හවස වඳිනවා මල් තියලා. හැබැයි වැඩේට සෙට් වෙන්න කවුරුත් නෑ. මෑන්ස් විතරයි තනියම.

A - හිහ්...

B - මේ ඇත්තට ඇයි මං මේවා ඔහේට කියන්නේ..?

A - නොකිය ඉන්න හේතුවක් නැති නිසා. මොකද අපි මීට කලින් මුනගැහිලා නැහැ නේ. මීට පස්සෙත් මුනගැහෙයිද කියන්න බැහැ නේ.. නිසා නොකිය ඉන්න හේතුවක් නැහැ..

B - ඇත්ත..


(මඳ නිහැඩියාවක් දෙන්නා අතරම)


B - මට පොඩි කාලෙ ඉඳන් තිබ්බ ඕනේකමක් ඉන්ජිනේ්රුවෙක් වෙන්න. කොහොමහරි ටාගට් එකට ආවා. දැන් ඔහේට තිබ්බේ නැද්ද එහෙම ඕනේ කමක්.

A - තිබ්බා. හැබැයි ඔහොම එකක් නෙමෙයි. ගෝල්ෆේස් පිට්ටනියට මගේම කාර් එකකින් එන්න. සන්ග්ලාස් එකක් දාලා. ඇවිත් හුලං වැදි වැදී ඉන්න . යතුර කරකව කව.

B - හිහ් මරුනේ. ඉතින් ඒකට මොකද වුනේ?

A - හ්ම්ම්.. ඒක බලාපොරොත්තුවක් විදිහටම තියෙන එක ලේසියි. ඒකට ළංවෙන්න හදන හැමතිස්සෙම ඒක තව තව ඈතA වෙනවා. ඒක මළ කරදරයක් මට.

අන්තිමට මම සේ්රම පැත්තකින් තියල දැන් රස්තියාදු ගහනවා.

හැබැයි ඒක තාම මගේ බලාපොරොත්තුවක්...හරිද?

B - ඒක බලාපොරොත්තුවකට වඩා හීනයක්. මට හිතෙන විදිහට...

A - ඔව්. එහෙම වෙන්න ඇති. ඒකයි ඒක හැමදාම ඈත.

B - හ්ම්.. මට යන්න වෙලාව හරි වගේ. බසුත් කීපයක්ම ගියා. ඔය එන එකේවත් යනවා.

A - හා.


( බසය වෙත දුව යයි. අතරමගදී නැවත හැරී බලයි.)


B - මේ සහෝදරයා මම ඉන්ජිනේ්රුවෙක් කිව්වේ බොරු. මම මිකැනික් කෙනෙක්. හරිද?

සහෝදරයා තමන්ටත් බස් එකක් එයි. ඒකෙ නැගලා යනවා. නිකන් ඉන්න එපා. හිටියත් ඉන්න වෙන්නේ නැහැ වැඩි වෙලා.


(බසයට නැග ජනේලයෙන් ඔලූව දමා මෙසේ පවසයි)


දන්නවද? අපේ හීනම තමයි අපිව අන්දවන්නේ.. අපේ හීන...


( A මඳ සිනාවකින් යුක්තව බලා සිටියි. බසය පිටත්වෙයි.)


හ්ම්ම්.. රස්තියාදු ගැහිල්ලත් ලේසි නැහැ තමයි .

හහ්.. ඒත් මට මිනිහට කියන්ඩ බැරි උනා නේ මම අත් උදව් දෙන එකෙක් මිසක් සුපවයිසර් කෙනෙක් නෙමේ කියලා


අනුෂ්ක තිලකරත්න

02/10/2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails
lankeeya sithuwili
සිංහල බ්ලොග් කියවනය