Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

Boondi Online - Find me on Bloggers.com



ඈත එපිට ඉසව්වකින් පැටලී ආ මාලු දැළට
පාට පාට ඇස් දිලිසෙන කිඳුරියගේ පාලු පැළට
දවසක් දා සඳ ඇවිදින් පයින් ගසා ජනෙල් දොරට
පණිවුඩ තරුවක් ළඟ ළඟ පායන බව කීය කනට...

තවත් දෙව් පුතෙක් මොකටද රිසිවේසන් බෙත්ලහෙමට
ජේසු බුදුන් උනත් ඉන්නෙ එළිය බෙදන් එක පහනක
ඒක නිසා කිඳුරිය ගොස් පිලාත් ගේ වෙද මැදුරට
රිදී කාසි තිහක් පුදා පැමිනිල්ලක් කළා ඔහුට

ඔහු කිඳුරිය වරල් විදා දිගඑළි කොට බැඳ ට්‍රොලියක
නිර්වින්දන බෙහෙත් උලා වින්දනයක් නැති ළැමකට
පරම්පරාවක පව්කම් වෙලා වෙලුම් පටි ගුලියක
ස්වර්ගය වෙත කුමරු යැවින සුන්බුන් පැටවු ලොරියක

කාගෙත් පව් අරන් ගියත් ඒකජාත කුමරු පිනට
හෙටත් මුහුද ඉර ගිලගෙන රෑ වෙන කොට පාස්කුවට
යළිත් කිඳුරි නැගිය යුතුය නෝවාගේ බෝට්ටුවට
රිදි තිහත් ඉල්ල ගත්තෙ සතියෙන් දෙන පොරොන්දුවට

කපිල මහේෂ් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails
lankeeya sithuwili
සිංහල බ්ලොග් කියවනය