තාර ගෑවුණ අහස මැද
රොද බැඳුණු වලා තිරපටිවලට
තබා ඇණ ගැසූ තරු කැට
නිවී මියයන මොහොතට
කොහොම උහුලන් ඉන්නවද මන්දා
නුගේගොඩ හන්දිය සති අන්තෙට
මහා ගඟ කොණ මුවදොර
අගුළු ලා තිබුනත් ඇස් යට
හිත් දෙකක් ඇවිදගෙන ගිය වීදියක
එක හිතක් කොහොම ඇවිදන් යන්නද
ඉංග්‍රීසියෙන් අණ්ඩ දැමු
සිංහල ගීත කඳු සැණකෙළිය
ඩිජිටල් මුහුණු හැඩවලින් පිරුණත්
හන්දියේ හදවත තාමත් ගොළුය
රෑ හීනවල අග කොටස
බොඳවෙලා යන කණිසමට
බීර පෙණ පවා පපු කුහරවල
ගිනි ගන්න අළුයමට
නෑවිත් උන්නා කියන්නේ කොහොමද
ගැහැණු මිරිවැඩි සඟල සටහනක්
තාමත් හන්දියේ තියනකොට
සිතුවම - Leonid Afremov ඩොමිනික් චන්ද්‍රසාලි
කවි බූන්දි | නුඹ නාඳුනන නුඹව හඳුනන නුගේගොඩ හංදිය - [ඩොමිනික් චන්ද්‍රසාලි]
Posted by
BoondiOnLine
6.16.2015