Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

Boondi Online - Find me on Bloggers.com



සමදරා
දැන් සියවසක් ගෙවිලා
අලුත් මල් පිපිලා
අලුත් සුවඳක් දෙතොල් මත තබන්න
දැන් ඉතින් එන්න නැගිටලා

මහා සුළි කුණාටු අතර
ඔබ උන්නා නිහඬව නිසලව
සමදරා දැන් ඇති
සිහින අතර හිනැහුනා
අලුතේ ජීවිතේ පටන්ගන්න
මකුලු දැල් වලින් සුසැදි සයනයෙන් නැගිට
සහස්කල් නිද්‍රාවෙන් අවදිව එන්න

හද කුහර තුළ නැගුණු
ආදරයේ උණුසුම්ම හැඟුම්
තලෙලු සුදු සිරුර මත තෙරපන්න
කාලය හරිය
මොහොතක පමාවකට ඉඩ නොතබා
දැන් ඉතින් අවදි වන්න

රෝස පැහැ දෙතොල්
සිනාවෙන් මුවාවෙන කොපුල් මත
අලුත් හුස්මක පාට තවරන්න
සියවස් නිද්‍රාවට තිත තබා
සමදරා දැන් ඉතින් තටු ගසා
පියඹලා එන්න
අලුත් අහස්කුස තුළ ගැබ්බර වන්න

සිතුවම- Horacio Cardozo

භීම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails
lankeeya sithuwili
සිංහල බ්ලොග් කියවනය